Wednesday 22nd of April 2026

English Tamil
Advertiesment


ගල්ෆ් රටවලුත් ඉරානයට එරෙහි වෙයි - ගල්ෆ් රටවල ආරක්ෂාව වෙනුවෙන් පෙරට එන බව ප්‍රංශය කියයි


2026-03-02 14913

 

බ්‍රිතාන්‍ය ප්‍රහාරක යානා ලබා දෙද්දි ජර්මනිය සහ සෞදියත් කනස්සල්ලෙන්


චීනය ඉරානයේ ආරක්ෂාවට..?

 

න්‍යෂ්ටික අවි හිමි ලෝක බලවතෙකු ලෙස සැලකෙන ප්‍රංශයද ඉරානයට එරෙහිව යුද්ධයට අවතීර්ණ වීමට සුදානමින් සිටින බව නිවේදනය කර ඇත. ඒ ගල්ෆ් රටවල්වල ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වීමටයි. ඉරානයට තව දුරටත් එම රටවල ආරක්ෂාවට තර්ජනයක් වීමට ඉඩ ලබා නොදිය හැකි බවද ප්‍රංශය ප්‍රකාශ කර ඇත. 

මේ අතර චීනය ඉරානය වෙනුවෙන් පෙනී සිටින බවට ප්‍රකාශ නිකුත් වී ඇතත් සෘජුව යුද්ධය සඳහා සම්බන්දවන බවට කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැත.

මේ අතර බ්‍රිතානය ටයිෆූන් යුරෝෆයිටර් ගුවන් යනා දැනටමත් කටාර්හි ඉදිරියට යොදවා ඇති අතර සෞදිය අරාබිය සහ එක්සත් අරාබි එමිර් රාජය තව දුරටත් තත්වය ඉවසන්නේ නැති බව ප්‍රකාශ කර ඇත.

කටාර් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ අපේ ජනතාවට එල්ල කළ මෙම ඉරාන ප්‍රහාරයට ඉරානයට මිලක් ගෙවීමට අනිවාර්යෙන්ම සිදුවන බවත් මෙවැනි ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමකින් තොරව සිටිය නොහැකි බවත්ය.

Advertiesment